දෙයියෝ දුන්න කුරානය බයිබලය පිළිගන්නවා නම් කාලි දුන්න පැණිය පිළිගන්න බැරි ඇයි? – රතන හිමි…

December 20, 2020 at 8:51 am | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා හඳුන්වා දුන් ධම්මික පැණිය දෙයියෝ දුන්න ද කාලි දුන්න ද යන්න වැදගත්කමක් නොමැති ප්‍රශ්නයක් බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

ලෝක ජනගහනයෙන් විශාල කොටසක් බයිබලය දෙවියන් වහන්සේ ලබා දුන් බවත් එය ජේසුස් වහන්සේගේ දැනුමක් නොවන බවත් පිළිගන්නා බව රතන හිමි පෙන්වා දෙයි. කුරානය නබිතුමාගේ දැනුමක් නොව දෙවියන් ලබා දුන් දැනුමක් බවත් ලෝක ජනගහනයෙන් 1/5ක් පමණ එය පිළිගන්නා බවත් එහිමියන් සඳහන් කරයි.

එහෙයින් කළ යුත්තේ මෙම පැණිය ආසාදිතයන්ට ලබා දී රෝගය සුව වන්නේ ද නැද්ද යන්න බැලීම බව අතුරලියේ රතන හිමි වැඩි දුරටත් පවසයි.

දෙරණ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් එහිමියන් මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස