මම කුරානය දෙපාරක් කියෙව්වා…! කොතැනකවත් ආදාහනය තහනම් කර නෑ…! – ගම්මන්පිල….

January 9, 2021 at 8:46 am | by emanisa.lk

කොරෝනා මර්දනයෙහිලා ආණ්ඩුව අසමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තක්සේරු කළේ කෙසේ දැයි ඇමැති උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

“ලෝක ජනගහනයෙන් මිලියනයකට කොවිඩ් ආසාදිතයන් 11253 ක් ඉන්නවා. අපේ රටේ මිලියනයකට ආසාදිතයන් 2180 ක් වාර්තා වෙනවා. මෙතැන දී ශ‍්‍රී ලංකාව සමත්ද අසමත්ද? ලංකාව සමත්.

ඒ වගේ ම ලෝකයේ කොවිඩ් ආසාදිතයන්ගෙන් මිලියනයකට 245ක් මැරෙනවා. ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වන්නේ මිලියනයට 10යි. ඒ අනුව බලන විට ලංකාව සමත් නොවේ. විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තිබෙන්නේ.

දේශීය වෛද්‍යවරුන් කොවිඩ්වලට එරෙහිව ඖෂධ වට්ටෝරු 100 කට වඩා සොයා ගත්තා. ඒවාට විපක්ෂයේ අය හිනා වුණා. නමුත් අපේ දේශීය වට්ටෝරු අරගෙන පාකිස්තානය, තායිලන්තය යන රටවල් ඖෂධ නිෂ්පාදනය කර තිබෙනවා.

කුරාණය මුල සිට අගට දෙවතාවක් මම කියෙව්වා. කුරාණයේ කොතැනකවත් ආදාහනය තහනම් කර නැහැ. හරාම් දේවල් මොනවා ද, හලාල් දේවල් මොනවා ද කියලා කුරාණයේ සඳහන් වෙනවා. මේ ගැන හඬ නඟන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් මම අහනවා කුරාණයේ කොතැන ද ආදාහනය කියන එක තහනම් බව සඳහන් කර තිබෙන්නේ කියලා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස