ඉන්න හිතෙන රටේ පාතාළය නිදැල්ලේ මිනී මරයි! නිවසට පැන වෙඩි තබා ව්‍යාපාරිකයා සහ රියදුරු ඝාතනය කරයි!

August 26, 2019 at 12:09 pm | by emanisa.lk

හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාදුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරු බව කියන 22 හැවිරිදි තරුණයෙකි.

යතුරුපැදියකින් නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට ගිනි අවියක් තබා බිය කර දුරකථන ඇමතුමක් ලබා දී එම අවස්ථාවේ නිවසේ නොසිටි පස් ව්‍යාපාරිකයා නිවසට ගෙන්වාගෙන මෙලෙස ඝාතනය සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

ඝාතනය පිළිබදව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (26) උදෑසන සිදු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස