ඇමති අකිලගේ කාලේ කිසි වැඩක් කරලා නෑ! ඇමති සජිත් කුරගල මුදාගන්නා මෙහෙයුම අරඹයි! (video)

June 23, 2019 at 12:57 pm | by emanisa.lk

වසර දහස් ගණනක් ඉපැරණි බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සහිත කුරගල පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර ඇති මුස්ලිම් පල්ලිය ඉවත් කර ඒ ස්ථානය සඳහා සූර්යකෝෂ ආධාරයෙන් විදුලි බලය ද ලබා දීමට සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස කොටුවේ පොඩි හාමුදුරුවන්ට පොරොන්දු වී තිබේ.

මෙම අනවසර පල්ලිය ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් පැවතිය ද මෙතෙක් එම පල්ලිය ඉවත් කිරීමට මුස්ලිම් දේශපාලකයන් ඉඩ ලබා දී නොමැත. මෙම පුදබිම මහ රහතුන් වහන්සේලා වැඩ වාසය කළ පුදබිමක් ලෙස සැලකෙන අතර පසුගිය කොටි ත්‍රස්තවාදී ගැටුම් සමයේ එය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු විය.

කෙසේ වුවද සංස්කෘතික ඇමතිවරයා මසක් ඇතුළත මෙම ස්ථානයෙන් අදාළ අනවසර පල්ලිය ඉවත් කර පුරාවිද්‍යා භූමියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමතිවරයා පුරාවිද්‍යා කොමසාරිස්වරයා ද ඉදිරියේ එහිමියන්ට පොරොන්දු වී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස