අසාද් සාලිට තානාපති ධුරයක්!

June 8, 2019 at 8:16 pm | by emanisa.lk

පසුගියදා ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිට බලගතු රටක ආණ්ඩුකාර ධුරයක් ලැබීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා අසාද් සාලිට අසාධාරණයක් වූයේ යැයි ඔහු ජනාධිපතිවරයාට පවසා ඇතැයි වාර්තා වන අතර මෙම නව තනතුර ලබා දීමට හේතුව එය බව ද පැවසෙයි.

තමාට ආණ්ඩුකාර ධුරයෙන් තාවකාලික ලෙස සති දෙකක් සඳහා ඉල්ලා අස්වන ලෙස අදාළ පාර්ශව විසින් දැනුම් දුන් බවත් ඔහු වෙනුවට පත් කරන්නේ වැඩ බලන ආණ්ඩුකාරයකු බවත් අසාද් සාලි පසුගිය දිනක සිය කාර්යාලයට පැමිණ ප්‍රකාශ කළේය.

කෙසේ වුවද ඔහු වෙනුවට පත් කර ඇත්තේ තාවකාලික ආණ්ඩුකාරයකු නොව ස්ථිර ආණ්ඩුකාරයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස