අලුතින් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම ආඩම්බර වෙන්න කරුණක් නෙවෙයි! – තිස්ස අත්තනායක

July 14, 2019 at 1:44 pm | by emanisa.lk

සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රටේ දුප්පත් ජනතාව ඉලක්ක කරගෙන නම් එය ජාතික සැලසුමක් ඇතිව ක්‍රියාත්මක කරන්නේ නම් වාර්ෂිකව රටේ දුප්පත්කම කිසියම් ප්‍රතිශතයකින් අඩු විය යුතු බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

රටේ ලක්ෂ 10ක් වූ දුප්පතුන් ප්‍රමාණය වසර 3-4කින් 15 ලක්ෂයක් වන්නේ නම් අපේ රටේ ජාතික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කුමක් දැයි ඔහු ප්‍රශ්න කරයි.

සමෘද්ධිය තවත් ලක්ෂ 6කට ලබා දුන් බවට ආඩම්බරයෙන් දැන්වීම් දමන බවත් එහි අරුත දුප්පත්මක තවත් ලක්ෂ 6කින් වැඩිවීම බවත් හෙතෙම පෙන්වා දෙයි.

රටට අවශ්‍ය වන්නේ ගමේ දුප්පත්කම ඊළඟ අවුරුද්ද වන විට 2-3%කින් අඩු කරන වැඩසටහනක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස