අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැඳවීම නයා මරන්න ඇනකොණ්ඩා ළංකර ගැනීමක්! – පුබුදු ජයගොඩ

April 26, 2019 at 8:08 am | by admin

ගෝලීය ත්‍රස්තවාදය පෝෂණය කරන විදේශ හමුදා සහ ඔත්තු සේවා කැඳවාගෙන ලංකාවේ අන්තවාදය මර්දනයට කටයුතු කිරීම වඩාත් හානිකර ප්‍රතිඵල අත්කර දෙන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනතුරු අගවයි.

පාස්කු ඉරිදා(21) ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ ඉන්පසුව රට තුළ ඇති වී තිබෙන තත්වය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට කැඳවන ලද මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සදහන් කළේය.

“අගමැතිවරයා ඊයෙ පාර්ලිමේන්තුවේ කරපු ප‍්‍රකාශය අනුව, අයිඑස් සංවිධානය මේ ප‍්‍රහාරයට සම්බන්ධ නිසා එක්සත් ජනපදයෙ, යුරෝපා බලවතුන්ගෙ බුද්ධි අංශ, ආරක්ෂක හමුදා මේ රටට ගෙන්වා ගන්න ආණ්ඩුව සූදානම් වෙන්නෙ. මේ කියන්නෙ නයා මරන්න, ඊට වඩා විෂඝෝර ඇණකොණ්ඩෙක් ගෙන්වා ගන්න කතාවක්. ආගමික මූලධර්මවාදයයි, අධිරාජ්‍යවාදයයි එකට සම්බන්ධයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස