අභියාචනාධිකරණය උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේශ්වරන් වැරදිකරු කරයි!

August 5, 2019 at 3:16 pm | by emanisa.lk

උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් එම තනතුරින් ඉවත්කොට ඒ සඳහා අලුතින් අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීමට උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ගනු ලැබූ තීරණය නීති විරෝධී බව අභියාචනාධිකරණය අද ( 05) තීන්දු කළේය.

2018 වසරේ තමන් තනතුරෙන් ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරමින් ඉල්ලා හිටපු අමාත්‍ය ඩෙනිශ්වරන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුවක් ලබා දෙමින් මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මේ ආකාරයෙන් අමාත්‍යවරු ඉවත් කිරීමට සහ අලුතින් අමාත්‍යවරුන් පත් කිරීමට ප්‍රධාන අමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලයක් නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් සඳහන් කර තිබේ.

ඒ අනුව ඩෙනිෂ්වරන් අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කොට එම තනතුරු සඳහා කේ. සිවනේසන් සහ ජී ගුණසීලන් යන අමාත්‍යවරු අලුතින් පත් කිරීමට ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ගනු ලැබූ තීරණ බල රහිත කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර ඩෙනිස්වරන්ට නඩු ගාස්තු ගෙවන ලෙසද වගඋත්තරකරුවන්ට නියම කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස