අපේ ගෙවල්වල කඩු තියෙන්නේ අපේ ගෑණු ළමයින්ගේ ආරක්ෂාවට! ඒ කඩු අත්අඩංගුවට ගැනීම අසාධාරණයි කියලා ජනාධිපතිතුමාත් කිව්වා! – උලමා

May 9, 2019 at 9:44 pm | by admin

මුස්ලිම් නිවෙස්වල කඩු තබාගෙන සිටින්නේ තම ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් පවසයි.

“මේ අවාසනාවන්ත පිරිස මේ දේ මොන හේතුවකට කළාද කියලා අපිත් දන්නේ නැහැ. දැන් සිදුකරන පරීක්ෂණ අනුව ආරක්ෂක හමුදාවට තමයි ඔවුන්ගේ අරමුණ මොකක්ද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ.”

පසුගිය කාලසීමාවේදී රට පුරා සිදුකළ සොයා ගැනීම් සම්බන්ධයෙන්ද හෙතෙම කරුණු දැක්වීය. ඒ අනුව රට පුරා මුස්ලිම් පල්ලි 1000 ක් පරීක්ෂා කළත්, කඩු ඇතුළු තියුණු ආයුධ හමුවී ඇත්තේ ස්ථාන තුනකදී පමණක් බව ද ඔහු සඳහන් කළේය.

“ජනාධිපතිතුමත් ආරක්ෂක අංශවලට කියලා තියෙනවා සෑම ගෙදරකම වගේම කඩුවක් වගේ තියෙනවා කියලා. මේ කඩු තියා ගෙන ඉන්නේ ආත්මාරක්ෂාවට. විශේෂයෙන්ම අපේ ගෙවල්වල ඉන්න ගැහැණු දරුවන් ආරක්ෂා කරන්න තමයි මේ කඩු තියෙන්නේ කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ නිසා මේ විදියට කඩු අත්අඩංගුවට ගැනීම සාධාරණ නැහැ කියලත් ජනාධිපතිතුමා කියලා තියෙනවා.”

මෙම මාධ්‍ය හමුව හුදෙක් සමස්ත ලංකා ජමිය්යතුල්ලා උලමා සංවිධානයේ අදහස් දැක්වීම සඳහා සීමා වූ අතර, පැමිණ සිටි කිසිදු මාධ්‍යවේදියෙකුට ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාවක් ලබාදීමක් සිදු නොවුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස