අපේක්ෂිත රාජ්‍ය ආදායම් අඩුවෙයි! ආර්ථිකය හාන්සියි! අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15%ක් කපයි!

June 19, 2019 at 4:23 pm | by emanisa.lk

සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15% කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ අපේක්ෂිත ආදායම අඩුවීම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉකුත් වසරවල අමාත්‍යංශවල හිඟ බිල්පත් රුපියල් කෝටි 10,000 ක් පමණ ගෙවීමට ඉතිරිව ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස