අපි ගෝඨා සහ සජිත් එක්ක සාකච්ඡා කළා! අපේ පූර්ණ සහාය ගෝඨාභයටයි! – තොණ්ඩමාන්

October 13, 2019 at 12:59 pm | by emanisalk

නොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් පවසයි.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්තානයේදී අද (13දා) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි තොණ්ඩමන් මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වු බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂට පුර්ණ සහයෝගය ලබදිය යුතු බවට තිරණය කල බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස