අපි අයවැයෙන් බඩගිනි මිනිහාට කන්න නොදී බිලී පිත්තක් දුන්නා! – රංගේ

March 13, 2019 at 12:13 pm | by admin

හාල්, පරිප්පු, පාන්, කරවල, සීනි, කිරිපිටි මිල අඩු කරන සාම්ප‍්‍රදායික අයවැයක් නොවේ අපි ඉදිරිපත් කළේ. බඩගිනි මිනිසාට මාළුවෙකු නොදී ඔහුට බිලි පිත්තක් දුන් අයවැයක් තමයි අපි ඉදිරිපත් කළේ.

පැවැති ආණ්ඩුව හමුදා සෙබළා විකුණාගෙන කෑවා. ඒත් අපි ඔවුන්ව මෙවර අයවැයෙන් ඇගයීමට ලක් කළා. විශ‍්‍රාමික වැටුප් විෂමතාවය ඉවත් කිරීමට ද අපි මෙවර අයවැයෙන් සාධනීය පියවර අරගෙන තිබෙනවා.

ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයට බිලියන 13.17 ක් වෙන් කර තිබෙනවා. මාස 5 ක් වැනි කාලයක් පමණයි අපට යන්න තිබෙන්නෙ. අගමැතිවරයාගේ වැය ශිර්ෂය බිලියන 1.1 යි.

2019 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් මන්ත්‍රීවරයා එසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස