තමන් ඉල්ලා සිටියේ සිය සේවය විධිමත් කර ගැනීම සඳහා උවමනා පහසුකම් මිස දීමනා නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ජනතාව මර බියෙන් ජීවත් වන යුගයක දීමනා ලබා ගැනීමේ උවමනාවක් තමන්ට නැති බවත් ලබා දුන් දීමනා නැවත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට දන්වන බව ද එම සංගමය පවසයි.
එසේම මේ මාසයේ සිය වැටුපින් දිනක වැටුප කොරෝනා වංසගතය නිසා විපතට පත් ජනතාවට සේවය කිරීමට රජයට ලබා දෙන බව ද එම සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කළේය.
එම සංගමය මෙසේ ප්‍රකාශ කළේ සිය දීමනා ලබා නොදුණහොත් එළඹෙන සඳුදා වර්ජන ක්‍රියා මාර්ගයකට යන බවට හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා හෙද සංගමය පවසන පසුබිමකය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘතීය සමිති සභාපතිඅපි දීමනා ඉල්ලුවේ නැහැ.මේ වෙලාවේ මිනිස්සුන්ගේ දුක් කඳුළු සල්ලි වලට පෙරලගන්න අපිට අවශ්‍ය නැහැ අපි ඉල්ලුවේ මිනිස්සුන්ට සේවය කරලා මේ සටන ජයගන්න අවම ආරක්ෂිත පහසුකම්.සමන් රත්නප්‍රියට පිළිතුරු
Posted by පොදුජන පැතුම on Saturday, April 4, 2020