අධිවේගී මාර්ග කොටස් කිහිපයක් හෙට සිට විවෘතයි! දේශපාලන වාසි ගන්න භාගෙට හදා විවෘත කරන බවට චෝදනා!

November 7, 2019 at 5:30 pm | by emanisa.lk

ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ග ජාලයේ කොටස් කිහිපයක් හෙට (08) සිට රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරන බව මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම මාර්ග කොටස් විවෘත කිරීමට නියමිතය.

මේ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ( E-03) දක්ෂිණ අධිවේගී මාර්ගයේ ( E-01) සමඟ කෙරවලපිටිය අන්තර්හුවමාරුවේදී පිටත වටරවුම් මාර්ගය ( E-02) සම්බන්ධවේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වාත් අන්දරවැව සිට හම්බන්තොට දක්වා සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ග කොටස් මෙලෙස විවෘත කෙරේ.

කෙසේ වුවද මෙම මාර්ග කොටස්වල ඉදිකිරීම් තවමත් සම්පූර්ණ කර නොමැති බවටත් ජනාධිපතිවරණයේ දී හුදු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අධිවේගී මාර්ග කොටස් විවෘත කරමින් ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන බවටත් ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරති. මෙම මාර්ගවල සේවයේ නියුතු සේවකයන් සඳහන් කරන්නේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට තව මාස තුනක් පමණ ගතවනු ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස