අගමැති අයිසිස් ත්‍රස්තවාදය පරාජය කරන බව පවසද්දි ඇමති බදූර්දීන් විදෙස්ගත වෙයි…

May 3, 2019 at 9:55 pm | by admin

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ VIP පර්යන්තයෙන් විදෙස් ගත විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 7.25 ට ඔහු ඕමානයේ මස්කට් නගරය බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ දී අයිසිස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන බව ප්‍රකාශ කර පැය 24ක් යාමටත් පෙර ඇමතිවරයා ඕමානය බලා යාම විශේෂත්වයකි.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ පවුලේ ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම ඔහුගේ නිලධාරීන්ට ද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි. ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවට බොහෝ පාර්ශව ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපතිවරයා ද මේ ආකාරයටම විදෙස්ගත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස