අගමැතිගේ පොලිස්පති යන්න බෑම කියයි! තානාපති පිදේනියටත් නොනැමෙයි!

April 28, 2019 at 8:36 am | by admin

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබඳ චෝදනාවට පාත්‍ර වන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පූජිත ජයසුන්දරට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්න ද පොලිස්පතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මුණ ගැසී ඉල්ලා අස්වීමට කැමති වූ පොලිස්පතිවරයා අනතුරුව කතානායකවරයා මුණ ගැසී සිය තීරණය වෙනස් කරගෙන ඇතැයි වාර්තා වෙයි. වර්තමාන පොලිස්පතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ තෝරා ගැනීමකි. ඔහු අගමැති මෙන්ම විපක්ෂ නායක ද මුණ ගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ ආකාරයට පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවීම නිසා සිරිසේන-රනිල් දෙපාර්ශවය අතර විරසකය තවත් උග්‍ර වී ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද තමන් ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු නොලද බව පවසමින් වගකීම් භාරගැනීමට මැළිවෙති.

පොලිස්පතිවරයා ඉල්ලා අස්වන්නේ නම් ඔහුට තානාපති ධුරයක් ලබා දීමට සූදානම් බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී ඇති අතර ඔහු ඒ සඳහා ද මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

පොලිස්පතිවරයා ඉල්ලා අස්නොවන්නේ නම් අනිවාර්ය නිවාඩු යවා වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමේ සැලසුමක් පිළිබඳ ද අනාවරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස