NGO සහ උතුරු නැඟෙනහිර ජනතාව සමග යූඇන්පී ආණ්ඩුවක් හදනවා! පහුගිය අවුරුදු 5 කරන්න බැරි වූ සියල්ල ඉදිරි අවුරුදු 5 කරනවා!-රාජිත

August 11, 2019 at 11:34 am | by emanisa.lk

සිවිල් සංවිධාන ඇතුළු සියළු පාර්ශව එක් කරගත් එක්සත් ජාතික පක්ෂය, පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මතුගම ප්‍රෙද්ශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය යනු දුප්පතා වෙනුවෙන් සිටින දේශපාලන පක්ෂයක් බවත් ඉදිරියේ දී සිවිල් සංවිධාන උතුරු නැගෙනහිර ජනතාවත් සියල්ල එක් කර ගනිමින් පුළුල් එක්සත් පෙරමුණක් නිර්මාණය කරන බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

එසේම මේ අවුරුදු 5 තුළ සිදු කිරීමට නොහැකි වු සියලු දේ ඉදිරි අවුරුදු 5 දී සිදු කරන බවත් තව අවුරුදු 10කට පැරදවිය නොහැකි ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන් ගොඩනඟන බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස