MCC ගිවිසුම නියමයි! රටේ නීතියට කිසිම බලපෑමක් නෑ! MCC ගිවිසුමට ගිය වෙන රටවලට වුණ දේ අදාළ නෑ! – නීතිපති දෙපාර්තමේන්තුව…

August 14, 2020 at 12:28 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ලිඛිතව තහවුරු කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.

එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම මතය දන්වා තිබියදී වත්මන් රජය විසින් පත්කරන ලද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් යුතු “විශේෂඳ කමිටුව” ප්‍රකාශ කොට ඇත්තේ මෙම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය විය හැකි බවයි.

ගුණරුවන් වාර්තාව අධ්‍යයනය කොට ඒ පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස