MCC ගිවිසුම නිත්‍යානුකූල බව මම කීවෙි නෑ! – නීනිපති

August 15, 2020 at 8:00 am | by emanisa.lk

තමා විසින් ඵක්‍ක්‍ ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව නීතිපති දප්පුල ද ලිවේරා පවසයි.

ඔහු පවසා ඇත්තේ, ඵක්‍ක්‍ ගිවිසුම පිළිබඳ තවමත් කරුණු හදාරමින් සිටින බවය.

දැනට මාධ්‍යවල සංසරණය වන්නේ 2018 වසරේ එවක නීතිපතිවරයා සම්පාදනය කළ වාර්තාවක් බවත් එහි අදාළ ගිවිසුමෙි නිත්‍යානුකූලභාවය පිළිබඳ කිසිවක් සඳහන් නොවන බව ද නීතිපතිවරයා පෙන්වා දෙයි.

ගිවිසුම පිළිබඳ සියලු පාර්ශ්වවල කරුණු ද ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ද සලකා බලමින් තම නිගමනය ප්‍රකාශ කරන බව ඔහු වැඩි දුරටත් පවසයි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස