විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධ විවාදයේ දී සිදු කළ සම්පූර්ණ කතාව.
ජනාධිපතිතුමා අද මේ සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා ගිවිසුම් ආදිය සභාගත කරලා කතාවක් පවත්වා අපෙන් සහයෝගයක් ඉල්ලා විවාදයකුත් එකවරම යෝජනා කළා. බොහෝ දෙනෙක් හිතන් ඉන්න ඇති එකවරම විවාදයක් කරමු කියන යෝජනාවකට අපි එකග නොවෙයි කියලා. ඒ මොකද වාර්තාව සභාගත කිරිමත් සමඟ පරිශීලනය කරන්න අපිට කාලය ලැබුණේ නැහැ කියාලා. මම එකක් කියන්නම්. සමගි ජන බලවේග සන්ධාන විපක්ෂය නිදිමත විපක්ෂයක් නොවේ. අපි නිරන්තරයෙන්ම රට දැය දේශය ජනතාව වෙනුවෙන් අවධියෙන් ඉන්න විපක්ෂයක්.
ඊයේ හවස අපිට මේක ලැබුණා. ඒක මමත් අපේ ආර්ථික කමිටුවේ ඉන්න ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න මැතිතුමන්ලාත් එක පරිශීලනය කරලා ඉන් ගම්‍ය වූ තොරතුරු කරුණු කාරණා ගැන හදිසි කණ්ඩායම් රැස්වීමකුත් පවත්වා මේ ගැන තොරතුරු සන්නද්ධවයි මේ කතාවට සවන් දුන්නේ. ඒ නිසා අද හෙට අනිද්දා විතරක් නොවේ අපි සූදානම් දින ගණනාවක් ම මේ එළඹුණු ගිවිසුම ගැන සාකච්ඡා කරන්න.
මම මවිතයට පත් වුණා ජනාධිපතිතුමා කතාව කරලා ගිවිසුමත් සභාගත කරලා ඒ මොහොතේම කියනවා අපිට එකග වෙන්නලු. ගිවිසුම තිබෙනවා. එය කියවන්න අවශ්‍ය නැහැ. අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. නිගමන හෝ විවේචනාත්මකව හිතන්න අවශ්‍ය නෑ. කියූ පමණින් අත උස්සන්නලු. ජනාධිපතිතුමාට මම එකක් මතක් කරන්නම්. මේක ඒකාධිපති රටක් නොවේ. ප්රජාතන්ත්රවාදී රටක්. ප්රජාතන්ත්රවාදී රටක් තුළ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද තුළ අපි අපේ තීන්දු තීරණ ලබා දෙන්නේ මේ වගේ හොදින් පරිශීලනය කරලා.
ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ඉදිරිපත් කරලා උදව් දෙන්න කියද්දි මම මතක් කරන්නම් දෙයක් ඔහුට. එතුමා අගමැතිව සිටි ආණ්ඩුවේ අපිත් සාමාජිකයෝ. 2018, 2019 කාලයේ අපේත් අයි.එම්.එෆ් වැඩසටහනක් තිබුණා. නමුත් ඊට පස්සේ මොකද වුණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමත් සමඟ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම තුළ රටට අභාග්‍ය සම්පන්න කාලය නිර්මාණය කළේ රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දෙන විට, එහා පැත්තේ හිටපු පොහොට්ටු මන්ත්‍රිවරුන් අත්පුඩි ගහන කොට ජාත්යන්ත්ය වෙළෙඳපොළෙන් ණයක් ගන්න බැරි විදිහට පිච් රේටින් වැනි රේටින් ආයතන පහළ දැම්මා. ඒ ගැන අහද්දි මහලොකු මහජන නියෝජිතයෝ විහිළු තහළු කලා. ඒ විතරක් නොවේ. 2020 වසරේ අයි.එම්.එෆ් වැඩසටහනෙන් ඉවත් වුණා. එදා කිව්වේ අයි.එම්.එෆ් සංවිධානය සමග මේ රටේ ආර්ථික ගණුදෙනු කිරීම ජාති දේරා්හී දේශ දේරා්හී රට විකුණන පරදේශක්කාරයොන්ට රට විකුණන ක්‍රියාවක් කියාල රතිඤ්ඤා පත්තු කළා. පපුවට ගහ ගත්තා. අයි.එම්.එෆ් එකට තියා ලෝක බැංකුවටවත් සවන් දෙන්නේ නැහැ කිව්වා.
බලන්න සභාපතිතුමියනි දෛවයේ සරදම. වසර 4ක්වත් ගියේ නැහැ මෙන්න අයි.එම්.එෆ් ගිවිසුමක් ගහනකොට මේ පරාජිත කුජීත පරාත පොහොට්ටු නියෝජිතයෝ ඇති තරම් අත්පුඩි ගහනවා රතිඤ්ඤා පත්තු කරනවා. මම ජනාධිපතිතුමාට කියන්නම් එදා අයි.එම්.එෆ් වැඩපිළිවෙළට බාධා කළ අයයි දේශද්‍රෝහියෝ. වෘකයෝ. දැන් තාවකාලිකව මේ වෘකයො බැටලු හම පොරෝගෙන. ඔවුන් ජනාධිපතුමා ඕනෑම දෙයක් කිව්වම අත්පුඩි ගහනවා.
දැන් ජනාධිපති සහ තවත් කෙනෙක් එකතු වෙලා හපුහින්න නියෝග එව්වට කැබිනට් මන්ත්‍රීවරු දන්නැ. ඒ තරම් වහල්බාවයේ වෙනසක් තිබෙනවා. එදා තිබුණේ රාජපක්ෂ වහල් හා එහෙයි භාවය. දැන් අයි.එම්.එෆ් වහල්භාවය තියෙන්නේ.
ජනාධිපතිතුම කියනවා එකග වෙන්නලු මේකට. හැබැයි හරි දේට නිවැරදි දේට විතරයි අපි එකඟ. සමගි ජන බලවේගය නායකයා ලෙස මම විතරක් නොවේ පාර්ලිමේන්තු ම්නත්රිවරුන් ඇතුළු හැමෝම අයි.එම්.එෆ් එක ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධාය ආදී හැම එකක්ම හම්බවුණා. කතා කරපු හැම මොහොතකම අපි කිව්වේ අපිට උදව් කරන්න කියලා.
හිතන්න එපා අයි.එම්.එෆ් එකෙන් ඉල්ලුවම සල්ලි මේන් කියලා දුන්නා කියලා. මේ සදහා විපක්ෂයෙන් කෙරෙන්න ඕන කාර්යභාරය අපි උපරිමයෙන්ම කලා. බොරුවට කියන්න එපා අපි දේරා්හීකම් කළා කියලා. එහෙම දේරා්හියෝ ඉන්න ඇති. හැබැයි අපි ඒ වගේ කැතවැඩ කරන්නෑ. අපි ලක්ෂ 220ක් වූ ජනතාව බිල්ලට තියලා ලක්ෂ 220 ප්‍රාණ ඇපකරුවන් කරලා දේශපාලන වාසි ගන්න සූදානම් නැහැ.
අද ජනාධිපතිතුමා කිව්වා අපෙන් උදව් ඉල්ලුවම සමහරු වෙලාව කේන්දර බැලුවලු. ජනාධිපතිතුමාගේ කේන්දරේ තමයි හොදම. තනි පුද්ගලයෙක් ලෙස ඇවිත් අගමැතිත් වෙලා ජනාධිපතිත් වුණා. 2020 අගෝස්තු පාර්ලිමේන්තුව රැස් වෙද්දි ජනාධිපතිතුමාට මන්ත්‍රීවරයෙක් ලෙස එන්න චාන්ස් එක ලැබුණත් මාස 10ක් ආවේ නැහැ. 2021 ජුනි 23 වැනි දා තමයි ආවේ. ඉතින් කේන්දරේ බලල ආවේ කවුද නැද්ද කියලා දැන් හිතාගන්න පුළූවන්. එතුමා තමයි රටේ ඉන්න හොදම ජෝතිෂ්‍ය විශේෂඥයා වෙන්න ඇති.
මම අහන්න කැමතියි ඇයි මෙතෙක් කලා අයි.එම්.එෆ් ගිවිසුමේ ප්‍රතිපාදන ආදිය උගුර ලේ රහ වෙනකම් ඉල්ලද්දි මෙන්ම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවෙලා ඉද්දි එවක විපක්ෂයේ මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ගිවිසුම් සභාගත කරන්න කිව්වත් අගමැති වුනාට පස්සේ වෙනස් වුණා. ඒ ගිවිසුම් දුන්නේ නැහැ. ඔවා දෙනු පරහට තමා සන්නතයේ පිහිටා සිට කියලා කිව්වට, ධම්මපදයේ තියෙන ආකාරයට අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයේ පිහිටා සිටින්න සේ කිව්වට ඒවා වුණේ නැහැ.
ඇත්ත වශයෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම ඉල්ලුවේ අපිටත් අවශ්‍ය වුණා අයි.එම්.එෆ් එකත් එක්ක ගිවිසුමක් ගහද්දි ලක්ෂ 220 වෙනුවෙන් හොදම වාසිදායි ගිවිසුමකට යන්න ඕන නිසා. ජනාධිපතිතුමාට පක්ෂ විපක්ෂ දෙගොලොලගේම සංයුතියකින් යුක්තව මේවා එළිපිටි විනිවිධභාවයකින් යුතුව සාකච්ඡා කරලා කටයුතු කළ නම් අපිට මීට වඩා හොද අයි.එම්.එෆ් ගිවිසුමක් ලැබෙනවා.
අයි.එම්.එෆ් එකට යන එක නතර කළේ ගෝඨාභය රාජපක්ෂ පාලනය. ඒකට පොහොට්ටුවට සම්බන්ධ සියලු දෙනා වගකිව යුතුයි. ඒ නිසා තමයි රට බංකොලොත් වුණේ.
හැබැයි රට බංකොලොත් වූ වෙලාවට අයි. එම්. එෆ් එකත් එක්ක ගිවිසුමක් ගැසීම හොරරහසේ සිදු කිරිම වැරදියි කියන එකයි මගේ අදහස. දැන් ජනාධිපතිතුමා කියනවා අපිට එකට වැඩ කරමුලු. කොහොමද එතුමා හෘද සාක්ෂියට එකගව කියන්නේ. ස්ථාවර නියෝගම තියෙනවා මුදල් කමිටුවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා. අපි ඒකමතිකව ඉදිරිපත් කරනවා විපක්ෂයේ නම. හර්ෂ ද සිල්වා මැතිතමා. එයාව බාර ගන්න බැහැ. අයි. එම්. එෆ් ගිවිසුමට හර්ෂව ඕන වුණාට මුදල් කමිටුවේ සභාපතිකමට එපාලු. මොකද රිසර්ච් යුනිට් එකක හදලා ආධාර අරගෙන විශ්ලේෂණය කරලා දත්ත විශ්ලේෂණය කරන එක රටට බයයි ලු. ජාතික ආරක්ෂාවය ප්රශ්නවලු. වස්ත්‍රයක් ඇදගෙන ද දැන් උදව් ඉල්ලන්නේ.
ජනාධිපතිතුමනි කියන දේ ක්‍රියාත්මක කරන්න. ඇයි මේ තවමත් ඇද ඇද ඉන්නේ. හර්ෂ ද සිල්වා මුදල් කමිටුවේ සභාපතිකමට සුදුසු නැත්නම් ඒ නුසුදුසුකම් ටික කියන්න. එත-ුමාට ආර්ථිකය ගැන දැනුමක් නැහැ ආචාර්ය උපාධි නැහැ ඉගෙන ගෙන නැහැ කියන ඒවද? ඒ නිසා මෙතෙන්ට ඇවිත් බොරු බයිලා ගහන බොරු බණ කියන කතා කියවන්න නම් එපා.
දැන් බලන්න අයි. එම්. එෆ් සාකච්ඡා එකක් විපක්ෂයේ අපේ දත්තත් යෝජනාත් මේකට මුසු කලා නම් කොයි තරම් වැදගත් ද. එහෙම වුණා නම් අවබෝධතාවක් තුළ ඇති කර ගත් ගිවිසුමක් වෙනවා. මේ රට බංකොලොත්භාවයට ප්‍රකාශ කළා අප්‍රේල් වල. මාස 5ක් ගියා ගිවිසුමක් ඇති කර ගන්න. සැප්තැම්බර් මාසයේ සිට තවත් මාස ගණනාවක් ගියා මාස 10ක් ගියා මේ අවබෝධතාවට එන්න. හැබැයි අපි ගත්තොත් සැම්බියා සුරිනාම් වැනි රටවලටත් මේ තරම් කාලයක් ගියත් තවත් රටවල් දින 50ක් තුළ ඒ එකගතාවට ආවා. අපේ ආණ්ඩුව හැමදේම අද්ද අද්ද ගියා. එයාලා හිතුවේ නැහැ මේ තුළින් රටට ලබා ගත හැකි උපරිම ඩීල් එක මේ රටේ ජනතාවට දෙන්න කටයුතු කළේ නැහැ. මේ රජය ජනතාව වෙනුවෙන් මහා සේවාවක් කළා කියලා පංපොරි ගැහුවට ඒක වුණේ නැහැ.
අයි. එම්. එෆ් එකේ මාතෘකාව ගැන කරුණු 5ක් මම කියන්නම්. අපිට පේන විදිහට විශ්ලේෂණ දුර්වලතා ගණනාවක් තිබෙනවා. සමහර යෝජනා අතාර්ථිකයි.
වෙරිටේ රිසර්ච් ආයතනය දත්ත මත පදනම්ව රටේ රාජ්‍ය ආදායමේ ඌනතා අඩුපාඩු තිබෙනවා නම් රදවා ගැනීමේ බදු වැඩි කිරීම තුළ ගෙවන විට බදු අඩු කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගන්න පුලුවන් කියලා. මේ ගැන අපි යෝජනා කළා. අපිව අයි. එම්. එෆ් එකට යෝජනා දෙන්න කැදෙව්වේ නැති වුණත් පාර්ලිමේන්තුවේ දී අපි කිව්වා. රදවා ගැනීමේ බදු සියයට 5ක ප්‍රමාණයක් තිබෙද්දි බිලියන 9ක් එකතු කර ගන්න පුලුවන්. ගෙවන විට බදුවලින් එන්නේ බිලියන 100ක් විතර. දැන් උනත් මේවා වෙනස් කළොත් අපි සහයෝගය දෙන්නම්. පාර්ලිමෙන්තුවම කියමු. ඒත් අයි. එම්. එෆ් ගිවිසුමේ ප්‍රතිපාදන රහසේ තියන් සාකච්ඡා කරලා සහාය ඉල්ලුවම සහාය දෙන්න අපි මෝඩයෝ නෙවෙයි.
මේ ආණ්ඩුවට පුදුම කැමැත්තක් තිබෙනවා දුම්මල සමාගම්වල බදු වැඩි නොකරන්න. හැබැයි මිනිසුන්ට බදු ගහනවා. ඇයි ඒ? මොකද්ද හේතුව? මොකක් හරි සම්බන්ධයක් මේ සමාගම්වලට තිබෙනවාද? මේ යෝජනා අපිට ඉදිරිපත් කරන්න තිබුණා. පුද්ගල කේන්ද්‍රීය බදුවලට වඩා මෙවැනි දුම්කොල සමාගම්වලට බදු ගහලා වාසි ලබා ගමු කියන යෝජනා ඉදිරිපත් කරන්න තිබුණා.
ඒ මොකද අපි හැමෝම දන්නවා ඒ සමාගම්වල පුද්ගලයන්ගේ සෘජු සම්බන්ධයක් එක එක අයගේ සාක්කුවලට තිබෙනවා. ඒ සම්බන්ධ තිබෙනවා නම් කවදාවත් බදු ගහන්නැ. බොරුවට බිලියන 140ක් එකතු කරනවා කිව්වට එකතු කරන්නේ බිලියන 90යි. උදධමනය එක්ක මේ මිල වැඩි කරලා සියයට 75ක බදු ගහන්න ඕන උනත් ගහන්නේ 20යි. දුම්කොල සමාගම් වැදගත් නිසා වෙන්න ඇති දැන් මට බාධා කරන්නේ. මේක විකල්ප ආණ්ඩුවක් අපිටත් සවන් දෙන්න. මම දුම්කොළ සමාගම්වලට ගහන බදුවල ඌණතාව ගැන දත්ත සහිතව පාර්ලිමේන්තු සභාගත කරන්නම්. ලොකු ලොකු අයට දුම්කොළ සමාගම් ගැන කතා කරද්දි රිදෙනවා. දැන් මගේ කතාවට බාධා කරන්නෙත් ඒ නිසා තමයි.
විශේෂයෙන්ම මේ අවස්ථාවේ රදවා ගැනීමේ බදු ආදිය දුම්කොළ සමාගම්වලට බදු ගැසීම මිල වැඩි කිරීම ක්‍රියාත්මක කළේ නැහැ. ඔවුන් කළේ පුද්ගල කේන්ද්‍රීය බදු ගැසීම විතරයි. දෙවැනි අඩුපාඩුව තමයි මේ වැඩපිලිවෙල තුළ මිල වැඩි කලාට ඉලක්ක ගත සහන ගැන කියවනවා. මේකේ විය යුත්තේ අනික් පැත්තයි. මුලින්ම සහන දීලා, සල්ලි දීලයි වැඩි කිරිම් කළ යුත්තේ. මුලින් කරන්න ඕන දේ දෙවනුව කරලා තිබෙනවා. මේ ගැටලු අපිට පෙන්වන්න තිබුණා මේක හංගන් හිටියේ නැත්නම්.
රාජ්‍ය පාලනයේ ගැටලුවක-ුත් මෙකේ තිබෙනවා. මෙහි දී දූෂණය, වංචාව, අල්ලස මර්ධනය ගැන වැඩි අවධානයක් යොමු කරලා නැහැ. යුක්රේනය අයි. එම්. එෆ් එකත් එක්ක ගහපු ගිවිසුමේ අල්ලස් හා දූෂණ විභාග කරන්න ස්වාධින මණ්ඩලයක් ඇති කරලා ක්‍රියාත්මක කළා. අපේ රටේ මේ වගේ දෙයක් කිරිම සුදුසු නැද්ද. මේක ලොකු දුර්වලතාවක්. අපි සූදානම් මේවා වෙනස් කරන්න අපේ සහාය දෙන්න.
මේ අවස්ථාවේ මම කියන්නම් රජය අනුගමනය කරන්නේ ආර්ථීක සංකෝචනයක්. ආර්ථිකය කුඩා කිරිම. ආර්ථීකය කුඩා වුණාට රජය සංකෝචනය වෙලා නැහැ. මැති ඇමතිවරු වැඩි වෙලා. තව අය ඇමතිකම් ඉල්ලනවා. රණ්ඩු වෙනවා. මම අහන්න කැමතියි රටේ සංකෝචන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කොට ඇයි ආණ්ඩුව කුඩා කරන්න බැරි. ඒක කරන්න බැරි හේතුව තමයි ජනාධිපති පත් කළ පොරොන්දු පත්‍රයේ තිබෙනවා ඡන්දෙ දෙන අයට වරප්‍රසාද වරදාන දෙනවා කියලා. ඒ පොරොන්දුව කඩන්න බැහැ.
මම අහන්න කැමතියි ජනාධිපතිතුමාගේ කතාවේ දී එතුමා කිව්වා වැල් පාලමෙන් ගොඩදාන කතාවක්. මේ රටේ ගොවියා වැල් පාලමෙන් ගොඩ වුණාද? මේ රටේ ධීවරයා ගොඩ ආවද? කර්මාන්තකරුවාට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට මොකද වුණේ. මම ඉල්ලීමක් කරනවා ඔවුන් කැදවන්න. සුසන්ත ලියනාරච්චි කියන ඉදිකිරීම් ක්ෂේත්රයේ අය කැදවන්න. ඔවුන් තමයි සියයට 60ක දායකත්වයක් ලබා දෙන්නේ. ත්‍රීරෝදරථ රියදුරා, දුවා දරුවන් අම්මලා ගොඩ ගියාද?
විදුලි බිල දෙවතාවක් වැඩි කලා. 2022 අගෝස්තු 2023 පෙබරවාරි වැඩි කලා. යුනිට් 1 සිට 30 දක්වා පරිභෝජනය කරන පොඩි මිනිහට සියයට 1140කින් වැඩි කලා. යුනිට් 1 සිට 60 දක්වා සියයට 811කින් වැඩි කලා. යුනිට් 1 සිට 90 දක්වා සියයට 415කින් වැඩි කලා. මේ අය ලක්ෂ 48ක් ඉන්නවා. ලක්ෂ 66ක් වන විදුලි ප්රජාවන්ගෙන් සියයට 73කට බදු බර පටවලා. දැන් මේ අවස්ථාවේ විපක්ෂය දැනුවත් කලානම් අයි. එම්. එෆ් එකට අපේ යෝජනා එක්ක පීඩනයක් දෙන්න. විදුලි බිල වැඩි නොකරන්න තිබුණා. සාධාරණ ක්‍රමයක් අනුගමනය කරලා පොඩි මිනිහගේ ජන ජීවිතය විනාශ නොකර වැඩි කිරිමක් තිබුණා. පක්ෂ විපක්ෂ හැමෝටම මේක කරන්න තිබුණා. ඒත් කලේ නැහැ. ඒ ගිවිසුම් හංගන්න හිටියා. මේක එළිපිට කතා කළේ නැහැ. එළිපිට යෝජනා ගැන විශ්ලේෂණය කළේ නැහැ.
1965 සිට අපි 16 වතාවක් අයි. එම්. එෆ් එකට ගියා. 16 වතාවකින් හරි අඩක් විතර අපි ඒක අසාර්ථක කරන් තිබෙනවා. වසර 28ක්ම අයි. එම්. එෆ් එක සමග හිටියා. එකක් මතක තියා ගන්න සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන මානුෂීය ප්රජාතන්ත්රවාදය සමාජ ධනවාදය සමාජ වෙලෙද පොළ ආර්ථික ක්රමයේ මේ ගිවිසුම් ගහන්නේ මිනිසුන් ජීවත් කරලා. බලන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් මේ ගිවිසුම් ගැහුවට ජනතාවට උපරිම සහාය දුන්නා. ජන සවියට ලෝක බැංකුව සහාය දුන්නා. ඔවුන් දැන ගත්තා දුප්පත්කම තුරන් කිරීම දේශපාලන වැඩපිළිවෙළක් නොවන බව.
මේ ආර්ථිකය කුඩා කරලා ජන ජීවිතය විනාශ කරලා පොඩි කරලා දරුවන්ට කිරිපිටි අහිමි කරලා ගර්භනී මව්වරුන්ට ත්‍රිපෝෂ නැති මොහොතෙක අපි සූදානම් නැහැ දරදඩු සවන් නොදෙන යෝජනාවලට අපි සූදානම් නැහැ. ප්‍රතිප්තිමය වශයෙන් අයි. එම්. එෆ් එක්ක ගිවිසුම් ඇති විය යුතුයි. හැබැයි එය නිර්මාණය විය යුත්තේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසායි.
මේක මේ රටේ ප්‍රභූ පැළෑන්තියට නොතේරෙනවා ඇති. අධි පෝසතුන්ට නොතේරෙනවා ඇති. ඔවුන්ගේ වත්කම් කොරෝනා සමයේ වැඩි වුණා. ඒත් මේ රටේ අතිශය බහුතර ජනතාවට මානුෂීය විය යුතුයි.
ජනාධිපති එක්ක අපි එකග වෙන්නේ අයි. එම්. එෆ් ක්‍රමය හැරුණු කොට වෙනත් ගොඩ එන්න ක්‍රමයක් නැහැ කියන එක. හැබැයි අයි. එම්. එෆ් එකත් එක්ක අපි කටයුතු කරන ආකාරය ගැන අපේ තියෙනවා බරපතළ වෙනසක්. අපි අයි. එම්. එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ අය කියන දේ කරන්න නෙමෙයි රටේ ජනතාව වෙනුවෙන් සාකච්ඡා කරලා ගන්න පුළුවන් උපරිම සහනධායී ක්‍රමය දිනා ගැනීමයි. අයි. එම්. එෆ් එකට යන එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. අපි තමයි මේ වෘකයෝ එහා පැත්තේ ඉන්නකොට ඒකට උඩුබුරන් නැතිව සාකච්ඡා කරන්න කියලා කිව්වේ. ඔවුන් දැන් මේකට එකග වුණ එක ගැන සතුටුයි.
බොරුවට ජාතිකත්වය දේශප්‍රේමීත්වය උඩ දාගෙන ජාතිවාදය ආගම්වාදය අවුස්සා රට බංකොලොත් කරලා රට විනාශ කරලා එකමුතුභාවය කුඩුපට්ටම් කරලා දැන් හරි මේ වගේ හොද තීරණයක් ගත්ත එක ගැන සතුටු වෙනවා.මම ඉල්ලනවා දේශපාලන උප්පරවැට්ටවලින් වෙනස් නොවී න්‍යායාත්මක වෙනස් වෙන්න. මේ දුපත් මානසිකත්වය තුළ සංවෘත වැහුණු ක්‍රමයක් තුළ මේ රටට ඉදිරියක් නැහැ ආත්මයයක් නැහැ.
ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුත්තේ හොද කොන්දක් තියාගෙන. කශේරුකාවක් තියාගෙනයි. එ නිසා අපිට ඇහුනා මේ සභාවේ කියනවා අපේ රජයක් තුළ අයි. එම්. එෆ් එක සමග ඇති කර ගත් කොන්දේසි පිළිපදින්නේ නැහැ කියලා. මම පැහැදිලිව කියන්නම් අපි අපේ රජයක් තුළ ජනතා හිතවාදී සංශෝධන ක්‍රියාත්මක කරනවා. මම පැහැදිලිව කියනවා අයි. එම්. එෆ් එක විතරක් නොවේ ලෝක බැංකුව හෝ ඕනැම කෙනෙක් සමග ජාත්‍යන්තරය සමග ගණුදෙනු කළ හැකි හොදම පිරිස ඉන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සතුවයි. ඔවුන් උපයෝගී කර ගෙන මම සූදානම් ජනතාව ජීවත් කරවන ඕනෑම ගිවිසුමකට යන්න.
ජනාධිපතිතුමා විවාදයකට එන්න කිව්වම හිතන් ඇති එතුමාගේ කතාව අහල විතරක් එයි කියලා. අපේ මේ ගිවිසුමේ පිටු 155ම කියෙව්වා. මේ 155ම ඊයේ කියවලා සූදානම් වෙලයි ආවේ. අපි නිදිමත විපක්ෂයක් නොවේ. පොදුජන සුභ සිද්ධිය උදෙසා කැපවුණු විපක්ෂයක්. ළගදිම අපේ රජයක් බිහි වෙනවා. අද ඔයාලා රති-ඤ්ඤා පත්තු කරනවා නම් පුළුවන් නම් මැතිවරණයක් තියන්න. වැඩ්ඩෝ නම් මැතිවරණයක් තියන්න. 225 ඇතුළේ 134ක් පොරවල් වෙලා. පුලුවන් නම් ලක්ෂ 220ට ඔය කශේරුකාව කයිවාරුව පෙන්වන්න.
අද ජනාධිපති කතා කළා අයි. එම්. එෆ් ගිවිසුම ගැන. ඒ වුණාට එතුමා ප්රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග පිළිගත්තේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා. ඇයි මැතිවරණයට මුදල් දෙන්න බැරි. 2023ට වෙන් වුණ මුදල් දෙන්න බැරි ඇයි. අධිකරණයට අපහාස කරලා අතකොලුවෝ හරහා පිස්සු යෝජනා ඉදිරිපත් කරලා විනිසුරුවන්ට අපහාස කරලා කරන විගඩම් මොනවද මේ? අයි. එම්. එෆ් එකෙන් සල්ලි ලැබුණ නම් මහ මැතිවරණයක් තියන්න. පළාත්පාලන මැතිවරණය තියන්න බැරි නම් මහ මැතිවරණයක් තියන්න. ඇයි බය ද ඔයාලා. ඕන එකකට අපි සූදානම්.
තවදුරටත් අපි මේ වාර්තාව කියවලා එකතු වෙන්න පුළුවන් තැන එකතු වෙනවා. ඒ වගේම මේ හැම තීන්දුවක් පිළිබදවම ඒ ගත්ත විශ්ලේෂණය පදනම අපිට දෙන්න. ඒ දත්ත මත අපි තීන්දු කරන්නම් හරි දේ. වැරදි දේ. ඒ නිසා නිකන් කියන්න එපා උදව් දෙන්න කියලා. මේ හැම තීන්දුවක් ගැනම තියෙන විශ්ලේෂණය දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එකග වෙන්න පුළුවන් තැන එකග වෙනවා. බැරි නම් බැ කියනවා අපි.