IMF ණය ගන්න ලංගමයත් පෞද්ගලික අංශයට…!

March 20, 2023 at 1:15 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා දීමට එහි විධායක මණ්ඩල අනුමැතිය හිමිවන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වසාදැමීම හෝ ප්‍රතිව්‍යුහගතකිරීමේ එකඟතාව මත බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

“මේ ඇතිවෙන එකඟතාව අනුව සියලුම රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලබනවා නම් පාඩු ලබන ව්‍යාපාර වැහෙනවා. අපි කොපමණ කැමති වුණත් කොතරම් අකමැති වුණත් ලාභ පාඩු නොමැති ලක්ෂයේවත් ගෙනියන්න බැරි නම් ඒ ව්‍යාපාර වසා දමන බවට එකඟතාවක් ඇතිව 20 වනදා මේ සහතිකය ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ.

වියදම පියවාගන්න බැරි වුණොත් වෙනදා ආණ්ඩුව සල්ලි දෙනවා. ණය ගන්න බැරි නම් ආණ්ඩුව සල්ලි අච්චු ගහලා දෙනවා. මෙතනින් පස්සේ ඒ දෙකම කරන්න බැහැ. මේ යතාර්ථයට මුහුණදෙමින් CTB ගොඩගන්න වැඩපිළිවෙළක් නොකොළත් මේක වැහෙන ටික පුද්ගලික අංශයට දීලා පුද්ගලික අංශය විසින් කරන එක තමයි සිදුවෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *