IMF කොන්දේසිවලට යටත් විය යුතු නෑ…! ආර්ථික අර්බුදයට විසඳුම් අප සතුයි…! – වාසු…

August 8, 2022 at 12:37 pm | by emanisa.lk

මෙරට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත යුතු බවට කිසිවෙක් පවසන්නේ නම්, ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සඳහා තව දුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තව දුරටත් පළල්ව ඉදිරියට යන බව ද ඒ සඳහා සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු සහායක් ලබා නොදෙන බව ද හෙතෙම සඳහන් කළේ ය.

තායිලන්තය, තායිවානය හා දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යටි අරමුණ තේරුම් ගැනීම නිසා එම අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ආනයනය අපනයනය තුලනය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ලබාදීම සඳහා පනවන කොන්දේසිවලට එකඟතාව පළ කරන දේශපාලකයන් මේ බව හොඳට තේරුම් ගත යුතු බව ද වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *