IMF ගියොත් ජනතාව කබලෙන් ළිපට වැටෙයි…! – බන්දුල..

December 14, 2021 at 5:59 am | by emanisa.lk

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කළ ද හිතුමතේ එසේ කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බවත්, රටතුළ පුළුල් සංවාදයක් සිදුකළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පතන්නේ නම් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟවීමට සිදුවන බවත් ඉතිහාසය පුරා ණය ලබා ගත්තේ එවැනි කොන්දේසිවලට එකඟ වී බවත් හෙතෙම පෙන්වා දෙයි.

අයවැය පරතරය 05%කට වඩා අඩු කිරීම හරහා රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා දීමනා අඩු කිරීම, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තව දුරටත් ඉහළ යාම වැනි ජනතාවට දරාගත නොහැකි කොන්දේසි ඉදිරිපත් වීම අනිවාර්ය බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මේ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟ වුවහොත් ඇති වන තත්ත්වය පිළිබඳව ජනතාවගේ එකඟතාවය ලබා ගැනීම පිළිබඳව විමසිලිමත් විය යුතු බව ද ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස