IMF කියන්නේ නරක ආයතනයක් නෙමෙයි…! එයාලා අපට උදව් කරන්න බලා ගෙන ඉන්නේ…! – තිස්ස…

December 20, 2021 at 6:45 pm | by emanisa.lk

රට මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ඉන්දියා සහ චීනය ආදී රටවල පිහිට පැතූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

එහෙත් ඒ කිසිදු ආයතනයකින් පිහිටක් නොලැබුණු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පිහිට පැතීම හැර විකල්පයක් නොමැති බව හෙතෙම පවසයි.

තිස්ස අත්තනායක පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු නරක ආයතනයක් නොවන බවත් එය පිහිටුවා ඇත්තේ ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දෙන රටවලට ආධාර කිරීමට බවත් ය.

අර්බුදයෙන් ගොඩ ඒමට යම් නීති මාලාවක් යටතේ දැඩි මූල්‍ය විනයක් පවත්වා ගෙන යන ලෙස IMF පවසන නිසා ආණ්ඩුව IMF වෙත නොයන බවටත් හෙතෙම චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *