FCID නීති විරෝධියි! එහි සියලු තීන්දු බල රහිතයි! – ජනපති කොමිසම-

September 12, 2020 at 6:25 am | by emanisa.lk

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බව පසුගිය රජයේ දේශපාලන පලිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගයේදී ඊයේ  (11 ) අනාවරණය විය.
 
 ඒ සඳහා සාක්‍ෂි ලෙස පොලිස් ආඥා පනත සහ ඊට අදාළ වගන්ති ඊයේ කොමිසමට ඉදිරිපත් වූ අතර ඊට සවන් දුන් කොමිසමේ සභාපති උපාලි අබේරත්න සඳහන් කළේ ඒ අනුව එෆ්. සී. අයි. ඩී. ය සිදු කළ විමර්ශන සහ ගත් තීන්දු තීරණ නීතියේ ඉදිරියේ ශුන්‍ය සහ ඵල රහිත බවයි.

පොලිසියේ වෙනම අංශයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් පිහිටුවා තිබුණත් පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය අනුව මෙවැනි පොලිස් කොට්ඨාසයක් අලූතින් පිහිටුවීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බව එහිදී අනාවරණය විය.

මෙම පොලිස් කොට්ඨාශය සඳහා එකල විපක්ෂයේ පැමිණිලි භාර නොගැනීම ද විශේෂත්වයකි.
 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස