Corona# ඩුබායි පොකුරක් සක්‍රීය වෙයි! ඊයේ ආසාදිතයක් 22ක්! මුළු ආසාදිතයන් 2000 ආසන්නයේ!

June 19, 2020 at 8:38 am | by emanisa.lk

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගැණුනි.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු, ලන්ඩන් සහ  රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වේ.

මේ අතර සුවය ලැබු පුද්ගලයන් 24 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව තවත් ආසාදිතයන් 514 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව