රටේ තියෙන නිවැරදි නායකත්වය නිසා හැමෝටම සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්! අපට ඡන්දය දුන් මිනිස්සුන්ට ලැජ්ජ නැතිව කතා කරන්න පුළුවන්! – තලතා

June 7, 2019 at 8:57 pm | by emanisa.lk

1995 සිට 2015 දක්වා සුදුසුකම් සැපිරූ යූඇන්පී පාක්ෂිකයන්ට සමෘද්ධිය අහිමි වූ බව ඇමතිනී තලතා අතුකෝරල පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කලේ රුපියල් ලක්ෂ 400 ක වියදමින් ඉදිකිරීමට නියමිත නිවිතිගල දොලොස්වල පංසල්තොටේ පාලමෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(06) සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

“අද අපේ රටේ තිබෙන නිවැරදි නායකත්වය නිසා සියලු දෙනාටම සැනසිල්ලේ ජීවත් වන්න පුළුවන්. අපි ජනතාවට ස්වාධීනව ජීවත් වන්න පුළුවන් වටපිටාවක් ඇතිකරල තියනවා.

සමහර අය අධිකරණයට බලපෑම් තියෙනවා කියලා කියනවා. එහෙම නෑ, විදේශ විනිශ්චයකාරවරුන් ගේනව කියලා කියනවා, එහෙම විදේශ විනිශ්චයකාරවරුන් ගේන්න අපේ කාලේ නම් ඉඩ දෙන්නේ නැහැ.

ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීම රජයේ වගකීමක් වුනාට සුදුසුකම් තිබෙන අයට 95 ඉඳලා 2015 දක්වා යූ එන් පී අයට සමෘද්ධිය තහනම් වුනා. අපි වැඩකිරීමේදී දේශපාලනය නෙමෙයි බලන්න ඕනි අවශ්‍යතාවයි.

එදා ජනාධිපතිවරණය වෙලාවේ අපි බොහොම අමාරුවෙන් මේ ප්‍රදේශවල මැතිවරණ කටයුතු කළේ. ඒත් අපිට ඡන්දය දුන්න මිනිස්සුන්ට ලැජ්ජාවකින් තොරව කතා කරන්න පුළුවන් වාතාවරණයක් අපි ඇති කරලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස