හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහරාන් ඇතුළු ත්රස්තවාදීන් 26 දෙනෙකුට මුදල් ගෙවූ බව ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය හමුවක දී (27) නැවත ප්‍රකාශ කළේය.
සහරාන්ගේ පින්තූරයක් ළඟ තිබුණු අය පවා අත්අඩංගුවට ගන්නා පසුබිමක එසේ සල්ලි දුන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළේය.
එහිදී ඇමතිවරයා නිරුත්තර වූ අතර ජනතාව මේ කතා තව දුරටත් විශ්වාස කරනවා යැයි සිතන්නේ දැයි මාධ්‍ය පෙරළා ප්‍රශ්න කළේය. එහදී තවත් අපහසුතාවට පත්වූ ඇමතිවරයා කියා සිටියේ එය පිළිගැනීම හෝ නොගැනීම ජනතාවගේ වැඩක් බවය.