පසුගියදා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ නිවසට ගිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව තමන්ට නැඟෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තමා නිර්දෝෂි බව පවසා තිබේ.
පසුගිය අඟහරුවාදා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී හමුව පාර්ලිමේන්තුවේ දී පැවති අතර එහිදී ඇමති රංජන් රාමනාය පැවසුවේ ඇමති බදියුදීන් තම නිවසටම පැමිණ ඇත්ත පවසා සිය නිර්දෝෂීභාවය තහවුරු කළ බවත් අනතුරුව තමා හමුදාපතිවරයාට ද කතා කළ බවය.
ඒ අනුව මෙහිදී ඇමති රිෂාඩ් බදියුදීන් කිසිදු වරදක් කර නොමැති බව තහවුරු වූයේ යැයි අමාත්‍ය රංජන් රාමනායක පැවසුවේය.