කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුණු එක් ත්‍රස්තවාදියකු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් බවත් ඔහුගේ DNA බිරිඳගේ සහ දියණියගේ DNA සමග සැසදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
සහරාන් හෂීම් මිය නොගිය බවත් ඔහු ඉන්දියාවට පළා ගොස් ඇති බවත් මෙයට පෙර වාර්තා විය. මේ අනුව මේ වන විට සියලු මරාගෙන මැරුණු ත්රස්තවාදීන් හඳුනාගෙන තිබේ.