පාස්කු ප්‍රහාරයට ප්‍රශංසා කළ වව්නියාවේ මවුලවියා කටුනායකදී අල්ලයි!

May 11, 2019 at 9:20 pm | by admin

ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මොහිදීන් නවුමාන් නම් මව්ලවියා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සහරාන් හසීම් ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පාස්කු ප්‍රහාරය සිදු කළ පසු වීඩියෝවක් නිකුත් කරමින් ඊට සතුට සහ ප්‍රණාමය පළ මවුලවියා මොහුය. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සමග මෙම මවුලවියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ ද ඒ වන විට මොහු මක්කම වන්දනනාය ගොස් තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව දැනගත් මවුලවියා මැදපෙරදිග රටක දේශපාලන රැකවරණ ඉල්ලා සිටි බවත් එයට ලංකාවේ මුස්ලිම් දේශපාලකයන් තිදෙනෙකු සහාය වන බවත් මීට පෙර වාර්තා විය. කෙසේ වුවද එම වෑයම සාර්ථක වී නොමැති බව මොහු ලංකාවට පැමිණීමෙන් තහවුරු වෙයි. සෙට්ටිකුලම පොලිසිය මේ මවුලවියා පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඔහු ඉදිරිපත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස