පාස්කු ප්‍රහාරය තමන් බලයට පත්කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බවට චැනල් 04 නාළිකාව චිත්‍රපටයක් නිකුත් කරමින් සිදුකළ ප්‍රචාරය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, 2015 ආරක්ෂක ලේකම් තනතුරින් ඉවත්ව 2019 ජනාධිපති ධූරයට පත්වන තුරු තමන් සහ සුරේෂ් සාලේ අතර කිසිදු හමුවක් නොවූ බවයි.
එසේ ම අසාද් මවුලාන ප්‍රකාශ කරන අදාළ සිදුවීම් ඇති වන අවස්ථාවේ සුරේෂ් සාලේ ලංකාවේ නොසිටි බව මේ වන විටත් ඔහු තහවුරු කර ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
එසේ ම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදුකළ කිසිදු පොලිස් නිලධාරියෙකු තමන් මාරු නොකළ බවත් එම චෝදනාව ද සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඔහු අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ තමන්ට චෝදනා එල්ල වීම ආරම්භ වූ අවස්ථාවේ ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස ඇමරිකාවේ එෆ්.බී.අයි/සී.අයි.ඒ වෙතින් සහාය ඉල්ලුව ද තවත් අතිරේඛ පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශය තමන් වෙත ලිඛිතව දැනුම් දුන් බව ද එම ලිපිය උපුටා දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.