ඉන්ටවල් ඉවරයි…! අශෝක් අබේසිංහ රහස් පොලිසියට කැඳවයි…!

March 8, 2021 at 6:47 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ රහස් පොලිසිය හමුවට කැඳවා තිබේ.

හෙට පෙරවරුවේ එහි පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ පසුගියදා ජනහමුවක දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සිදු කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එක්වී බවත් ඊට වියදම් කළේ නිශ්ශංක සේනාධිපති බවටත් ඔහු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *