බැසිල්ට පාඩුවේ රට යන්න දුන්නා නම් අද පොහොට්ටු ජනපති කෙනෙක් නෑ…! – උදයංග වීරතුංග…

July 21, 2022 at 12:50 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාලට වැරදුනු මුල්ම තැන යහපාලන FCID පොලිසිය හරහා බොරු නඩු පවරලා, රෙදි බෑගය ගෙන ඇමෙරිකාව බලා ගියපු බැසිල් අයියාව, 2015 දී ලංකාවට ගෙන්වා හිරේ දාපු එක බව පළමුව සටහන් කරමි.

එදා බැසිල් අයියා මෛත්‍රීට දුන් ප්‍රතිඋත්තරය තමයි, “පොහොට්ටු” බලවේගය ගොඩනැගීම. එදා යහපාලනයෙන් අද්දැකීම් ලබා නොගත් විපක්ෂය, බැසිල් රාජපක්ෂයන්, ජුලි 12 වෙනිදා කටුනායක ගුවන් තොටුපලෙන් ඇමරිකාව බලා පිටත්වීම නතර කිරීම, දෙවන වැරැද්ද බව සටහන් කරමි.

එදා ගුවන් තොටුපලෙන් වාහනයට නගින බැසිල් අයියා, “දැන් ඉතිං පිටරට යන්න, පොහොට්ටුවේ ජනධිපති කෙනෙක් තෝරා ගමු..” කියන වචන ටික සිනාවෙන් අපහාසාත්මක ලෙස පිටකළ ඔහු, රනිල් ජනධිපති කිරීමට පැය 24 ම වැඩ කළ බව රනිල් නොදන්නවා නොවෙයි. එනිසා බැසිල් අණ්ඩුවේ පිටත සිටිනවාට වඩා ඇතුළේ සිටීම වැදගත් බව රනිල් හොදින් තේරුම් ගන්නවා ඇත.

ඒක නොතේරෙන විමලයා පුතාණෝ එක්ක එකතුවෙලා “ඩලස් කොටා” රජ කරන්න හැදුවා.. ඒවා බොරු රජෝ.. මොකද, රජපක්ෂවරු අතරින් බැසිල් රාජපක්ෂ සුවිශේෂී චරිතයකි. එය ඔහුගේ විරුද්ධවාදීන් වුව ද පිළිගන්නා සත්‍යයකි. අද දක්වාම මේ රටේ දේශපාලනය දෝලනයේ තුන් වැනි බලවේගයක් ගොඩනඟා, වසර 5ක් ඇතුළත ජනධිපතිවරුන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම පහසු කාර්යයක් නොවේ. එය සුවිශේෂී දේශපාලන සංසිද්ධියකි. එහි නිර්මාතෘවරයා වෙන කවුරුත් නොවෙයි අපේ බැසිල්ය.

ඔහුගේ උපදෙස් පිළිනොගත්, ගෝඨා අයියාගේ උද්දච්ච පාලනය අසාර්ථක වී “සර් ෆෙල්” වුණා කියලා රටම පිළිගෙන හමාරය. රනිල් ලොක්කා එදා එය තේරුම් නොගෙන, රටට වැඩ කළ මිනිසුන්ට “සොරා” යයි කියමින් නඩු පවරමින්, නින්දා අපහාස කරන විට, ස්වභාව ධර්මය පවා නො ඉවසන නිසා තනි ආසනයකට සීමා කල අයුරු ඉතිහාසය අපට පැහැදිලි කරයි.

ගෝඨා අයියා ද කළගුණ අමතක කර තම සහෝදරයා පවා ධුරයෙන් ඉවත් කිරීමේ කර්මය නිසා, රටක්ම පෙරළා ඔහුටත් දඬුවම් දී හමාරය. අද අපේ නව ජනධිපතිවරයා ට ද “ෆේල්” නොවී ධූරයේ රැඳිලා ඉන්න කළගුණ, මනුස්සකම, මුල අමතක නොකිරීම ශ්‍රීලංකා දේශපාලනයේ දී වඩා වැදගත් බව සටහන් කර තබමි.

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු තානාපති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *