ආණ්ඩුව සහ ආරක්ෂක අංශ අතර ගැටුම්…! මහජන ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඉවතට…!

May 22, 2022 at 9:53 am | by emanisa.lk

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම ධුරවලින් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි.

පසුගියදා රටේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධියට අදාළ ආන්දෝලනාත්මකව සිද්ධීන් මෙම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන බව ද වාර්තා වෙයි.

එම ප්‍රචණ්ඩකාරී සිද්ධිවලදී තම දේපොළ ආරක්‍ෂා කර දීමට පොලිසිය ක්‍රියා නොකළ බව කියමින් පසුගිය රජයේ අමාත්‍යවරුන් රැසක් පොලිස්පතිවරයාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබිණි.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් මර්දනය කිරීමට නොහැකි වූයේ එකී දේශපාලනඥයන්ට තම බල ප්‍රදේශවලට පත්කරගත් සුදුසුකම් නැති ස්ථානාධිපතිවරුන් නිසා බවයි.

මේ අතර ඉකුත් 09 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස් විසුරුවා හැරීමට නොහැකි වූයේ පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා බලපෑම් කළ නිසා බවට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ ලබාදී තිබිණ.

මෙම සිදුවීම නිසා ද පොලිස්පතිවරයා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ ආණ්ඩුව අතර අර්බුදකාරී තත්ත්වයක්
ගොඩනැඟී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *