වරාය නගර පනත 2/3 කිට්ටු වැඩි ඡන්දයෙන් සම්මතයි…! පක්ෂව 149….විපක්ෂව 58යි….!

May 20, 2021 at 6:31 pm | by emanisa.lk

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 91කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 58ක් පමණි. සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .

මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ දී මැති සබයේ නොසිටියහ. පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පස්වරු 4.40ට පමණ ආරම්භ විය. මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස