රට ගොඩනඟන ශක්තිමත් අවිය වරාය නගරයයි…! රටේ දියුණුව දරාගත නොහැකි පිරිසක් එය කඩාකප්පල් කරන්න හදනවා…!

April 18, 2021 at 7:52 am | by emanisa.lk

රට ඉදිරියට ගෙන යාමට ඇති ශක්තිමත් ආයුධයක් වන වරාය නගරය කෙසේ හෝ කඩාපකප්පල් කිරීමේ කුහක අසාර්ථක අදහසින් පිරිසක් කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

වරාය නගර පනත හදිසි පනතක් ලෙස ගෙන ඒමට සැලසුම් කළේ යැයි චෝදනා කළ විජයදාස රාජපක්ෂ ඊළඟ මොහොතේම ඊට එරෙහිව පෙත්සම් 21ක් ඉදිරිපත් වී ඇතැයි පවසමින් සිය චෝදනාව නිෂ්ප්‍රභ කර ඇතැයි ද ඔහු සඳහන් කරයි.

හදිසි පනතක් ලෙස වරාය පනත ගෙන ඒමට උවමනාව තිබිණි නම් මෙසේ පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඔහු පෙන්වා දෙයි.

එසේ ම මෙම පනතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිදු කාරණාවක් නොමැති බවට නීතිපතිවරයා විසින් රජයට ලිඛිතව දැනුම් දී ඇති බවත් රජය එහි ඉදිරි කටයුතු සිදුකළේ එම සහතිකය ද සමඟ බවත් කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *