මූල්‍ය නගර හඳුන්වා දෙන්න වරාය නගර පනත ගේනවා…! අධිකරණය සංශෝධන නිර්දේශ කළොත් ආණ්ඩුව ඊට සූදානම්…! – කාංචන

April 20, 2021 at 8:20 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කිසිදු ආයෝජන ප්‍රවර්ධන කලාපයක් කිසිදු පළාත් පාලන ආයතනයකට හෝ පළාත් පාලන ආයතනයකට අයත් නොවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

එම සරල සත්‍ය විජේදාස රාජපක්ෂ සහ අනුර දිසානායක නොදැන සිටීම කනගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේ ය.

1977 විවෘත ආර්ථිකය බිහි වීමෙන් පසු ඇති වූ ආයෝජන කලාප සඳහා කොළඹ කොමිෂන් කලාප ලෙස වෙන ම පනතක් ඒ සඳහා ගෙන ආ බව ද ඒවා පහසුවෙන් පරිපාලනය කළ හැකි ආකාරයට ආයෝජන මණ්ඩලයට බලය ලබා දුන් බවත් ඇමැතිවරයා අනාවරණය කළේ ය.

එම ආයෝජන කළාප සඳහා කිසිදු පළාත් පාලන ආයතනයකින් හෝ පළාත් සභාවකින් අවසර ගැනීමක් අවශ්‍ය නොවූ බවත් කොළඹ කොමිෂන් පනතින් එතෙක් මෙරට නොතිබූ ආයෝජන කලාප සඳහා අවශ්‍ය පසුබිම සකසා දුන් ආකාරයට ම වරාය නගර පනතින් සිදුකරන්නේ ද මෙතෙක් මේ රටේ නොතිබූ මූල්‍ය නගර සංකල්පය සඳහා අවශ්‍ය පසුබිම සකසා දීම බවත් කාංචන විජේසේකර අවධාරණය කරයි.

එම පනත රටේ මූලික නීතියට යටත් බවත් එහි ව්‍යවස්ථාවට පටහැනි කරුණු ඇතැයි ශ්‍රේෂ්ඨාධීකරණය තීන්දු කළහොත් ඒවා සංශෝධනයට ආණ්ඩුව සූදානම් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස