ආණ්ඩුවට කොවිඩ්වලට වඩා ආර්ථිතේ ලොකු වෙලා….! කොවිඩ් මැද්දේ වරාය නගර පනත ගේන්නේ ඒකයි…!

May 14, 2021 at 12:04 pm | by emanisa.lk

කොවිඩ් ව්‍යසනය මෙතරම් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක ආණ්ඩුවේ ලොකු ම අවශ්‍යතාව වී ඇත්තේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වෙත් පාර්ලිමේන්තුව මේ සතියෙ කැඳවන්නෙ නැතුව මේ කොරෝනා ප්‍රශ්නය නිසා කොරෝනාවලට අදාළ දෙයක් තියෙනවා නම් අපි හම්බවෙලා සහයෝගය දෙන්නම්, එහෙම නැත්නම් මේක සතියකින් කල් දාන්න කියලා.

හැබැයි ආණ්ඩුව කිව්වා ඒගොල්ලොන්ට කොරෝනා වගේ ම වැදගත් කියලා ආර්ථිකය සම්බන්ධයෙන් මේ පෝට් සිටි පනත සම්මත කරගන්න එක. ඉතිං ඒගොල්ලෝ තරයේ ම අවශ්‍යයයි කියලා කියා සිටියා. අපි විරුද්ධ වුණා. සංවාදයකට වෙලාවක් නෑ. පෝට් සිටි එකේ නඩු තීන්දුව දෙන්නෙ අඟහරුවාදා.

ඒක දීලා බදාදායි බ්‍රහස්පතින්දායි මේක හදිස්සියෙ ම, මේ කොරෝනා එක මැද්දෙ, මේ ව්‍යසනය මැද්දෙ, කොරෝනා හැම තැනම පැතිරෙන කොට මේගොල්ලොන්ට ලොකුම අවශ්‍යතාව තමයි පෝට් සිටි පනත සම්මත කරගන්න එක. ඉතිං ඒක තමයි ඒගොල්ලො කරන්න උත්සාහ කරන්නෙ. අපි බලමුකො මොකද වෙන්නෙ කියල.”

හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *