පෝර්ට්සිටි කියන්නේ වෙන ම රටක්….! ලංකා ආණ්ඩුවට එහි බලයක් නෑ…! – කිරිඇල්ල…

April 11, 2021 at 9:27 am | by emanisa.lk

වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25ක් වරාය නගරය තුළ බල රහිත බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඒ අනුව එය වෙන ම රටක් බව ද මන්ත්‍රීවරයා පවසයි.

රජයේ මුදල් පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් මණ්ඩලය හා මුදල් අමාත්‍යාංශය යන රටේ මුදල් පාලනය කරන ප්‍රධාන ආයතන තුනම මෙම වරාය නගරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නැති බව කිරිඇල්ල සඳහන් කළේය.

ඒ අනුව පැහැදිලි වන්නේ වරාය නගරය පාලනය කරන කණ්ඩායමට අවශ්‍ය පරිදි කටයුතු කරගැනීමට රජය අවසර දී තිබෙන බව යැයි ද හෙතෙම පවසයි.

කෙසේ වෙතත් මේ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින අතර ඒ හරහා මෙහි කරුණු කාරණා රටට හෙළිකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *