පෝර්ට්සිටිය හරියට කළොත් රට ම ගොඩ….! කොවිඩ් සටනේ නිරත හමුදාවට මඩ ගැසීම නින්දිතයි…! – ෆොන්සේකා….

May 20, 2021 at 3:34 pm | by emanisa.lk

වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. එහෙත් එය හරියට ක්‍රියාත්මක නොවුවහොත් රට ලොකු ව්‍යසනයකට පත් වන බව ද ඔහු කීය.

අද (20) කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේ එකතු වෙමින් ඔහු මේ බව පැවසුවේ ය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තමා විරුද්ධ නැති නමුත් මේ රටේ සම්පත් චීනයට විකිණීමට තමා විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කළේය.

රටේ කොටසක් පරදේශක්කාරයන්ට ලබාදීම තමා හෙළා දකින බව පැවසූ සරත් ෆොන්සේකා එය වහා නතර කළ යුතු බව ද කියා සිටියේය.

කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයට තනිවම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ යැයි කී ෆොන්සේකා හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *