කළු ඉරිදා කුරාණ පිටපත් බෙදන්න පල්ලි ඇවිත්…! ඉංගිරිසි නමින් පෙනී සිටි මුස්ලිම් කත අත්අඩංගුවට…!

March 9, 2021 at 7:39 am | by emanisa.lk

කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේ දී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටිය දී සැකකළ පොලිසිය ඈ අත්අඩංගුවට ගෙන ඇත. ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති අතර එය මුස්ලිම් ජාතික නමකි.

අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායකගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිස් මූලස්ථානය සහ කටුගස්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස