පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා දේව කන්නලව්වක්…! ලබන 07 වැනිදා ‘කළු ඉරිදාවක්’ වෙයි…!

March 1, 2021 at 7:41 am | by emanisa.lk

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලු ම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බව දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියතුමා සඳහන් කරයි.

මෙම සිද්ධිය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බව ද ජයමාන්න පියතුමා වැඩිදුරටත් කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස