පාස්කු අපරාධකාරයෝ ගෝල්ෆේස් එකේ එල්ල ලා මරන්න…! මං එන්නම් අළුගෝසුවගේ වැඩේ කරන්න…! – කළු ඉරිදාවට එකතු වූ සයින්දමරුදු මුසල්මානුවාගේ සැර කතාව…

March 7, 2021 at 10:06 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අපරාධකාරයින්ට ගාලු මුවදොර එල්ලා මරා දැමිය යුතු බවත් ඒ සඳහා අළුගෝසුවා ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවත් එම්. ඉසදීන් නම් මුස්ලිම් ජාතිකයෙක් ප්‍රකාශ කළේ ය.

සයින්දමර්දු ප්‍රදේශවාසියෙක් වන ඔහු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය වෙත පැමිණි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග කළු ඉරිදා විරෝධතාවට එක්ව සිටියේ ය.

එම්. ඉසදීන් මෙසේ ද සඳහන් කළේ ය.

“මුස්ලිම් ජාතිකයෙක් හැටියට මම මෙතනට ආවේ. අපිට මේක දැන් දරාගන්න බෑ. අපිට මේක කළු පැල්ලමක්. ප්‍රහාරය දවසේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ගහනවා කිව්වට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල. සිරිසේන ජනාධිපතිතුමා සිංගප්පූරුවට වෙලා හිටිය. අන්තිම ප්ලයිට් එකේ ලංකාවට ආවේ. රනිල් මහත්තයා කිව්වා ආරක්ෂක මණ්ඩලේට කැඳෙව්වේ නෑ කියල. නමුත් ඊට කලින් ඒ කතාව රටට කීවේ නෑ.

රවුෆ් හකීම්, බදියුදීන්, හිස්බුල්ලා ඒ ඔක්කොම ඡන්දෙ ඉල්ලනකොට සහරාන් එක්ක තේ පැන් සංග්‍රහයක් කරලා තියෙනවා කාත්තාන්කුඩිවල. ඒ වගේ අයට මොනාද දඬුවම් දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය පාවිච්චි කරලා අල්ලන්න. මේ ඔක්කොම ගෝල්ෆේස් එකේ එල්ල ලා මරන්න. මම එන්නම් අළුගෝසුවා වෙන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස