මුස්ලිම් අන්තවාදය ගැන හඬ නැඟූ ඥානසාර හිමිත් පාස්කු ප්‍රහාර චූදිතයෙක් ලු….!

February 12, 2021 at 5:09 pm | by emanisa.lk

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මගින් බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ද අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේට එරෙහි මෙම චෝදනා සඳහා වන නිර්දේශය 2014 දී අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල වාර්ගික ආතතීන් අවුළුවාලීමේ කාර්යභාරයක් ඉටු කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළ බව දැනගන්නට ඇත.

අලුත්ගම, බේරුවල නගරවලට සහ මුස්ලිම්වරුන්ට එරෙහි මැර ප්‍රහාරය 2014 ජුනි 15 සිට 17 දක්වා කාලය තුළ සිදුවිය. එමගින් කළුතර දිස්ත්‍රික්කයේ දර්ගා නගරයේ අවම වශයෙන් මරණ 4 ක් සිදුව තුවාලකරුවන් 80 ක් පමණ වාර්තා වූ අතර සහ දේපළ හානි සිදුවිය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බොදු බල සේනා සංවිධානයේ ප්‍රකාශකවරයකු සඳහන් කොට ඇත්තේ මෙය ඉතා විහිළු සහගත චෝදනාවක් බවකි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස