කළු ඉරිදා විරෝධතාව ඇරඹෙයි…!

March 7, 2021 at 10:15 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා බල කරමින් අද දින කළු ඉරිදාවක් ලෙස නම් කර ඇති අතර බොහෝ ප්‍රදේශවල කතෝලික ජනතාව ඊට එකතු වී තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාව මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

අද ඉරිදා දේව මෙහෙයට කළු ඇඳුමින් සැරසී පැමිණීමට සහ දේව මෙහෙයට පසු පල්ලි ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *