නවීන් දිසානයක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු ඒ බව රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ අද (26) පෙරවරුවේ දී ය.
පසුගිය දා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ නව නිලධාරීන් පත් කළ අවස්ථාවේ එතෙක් නවීන් දිසානයක දැරූ ජාතික සංවිධායක තනතුර වෙනස් නොවන බව ප්‍රකාශ කෙරිණි.
එම රැස්වීමට නවීන් දිසානායක සහභාගි නොවූ අතර අද එම ධුරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් පෙර කී ලිපිය සියලු ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වෙත ද යොමු කර තිබේ.
එහෙත් එජාප නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ කෘත්‍යාධිකාර මණ්ඩල සභික තනතුරෙහි එලෙසම තවදුරටත් ක්‍රියා කිරීමට කැමැත්ත පළකර ඇත.