එජාප නායකත්වය මට දෙනු! මන්ත්‍රි ධුරයට සුදුස්සාත් මමයි! වජිර රනිල්ට කියයි! යෝජනාවකුත් සම්මත කර ගනී….

August 10, 2020 at 12:41 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහට පසු තමන්ට හිමි විය යුතු බව වජිර අබේවර්ධන පවසයි.

දැනට එජාප නායකත්වය ඉල්ලා සිටින නවීන් දිසානායක සහ රවී කරුණානායක මෙන් තමා කිසි විටක පක්ෂයට ද්‍රෝහී වී නොමැති බව පවසන ඔහු රනිල් වික්‍රමසිංහ ඒවා සලකා බැලිය යුතු බව අවධාරණය කරයි.

දෙරණ මොකද වුණේ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර ගාල්ලේ පැවති එජාප දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී වජිර අබේවර්ධන තමන්ට පක්ෂ නායකත්වය මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද හිමි විය යුතු බවට යෝජනාවක් ද සම්මත කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස