මානව නිදහසට පහළින් කාති උසාවි තිබුණට කමක් නෑ…! – පාඨලී….

January 25, 2021 at 7:51 pm | by emanisa.lk

එක් එක් ආගම් තමන්ට සුවිශේෂ වූ කාරණා සම්බන්ධයෙන් උසාවි පවත්වා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එහෙත් ඒ සියලු ම උසාවි මූලික මානව නිදහසට, මානව අයිතියට යටත්ව පැවැත්විය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මූලික මානව අයිතිය රැකෙන පරිදි එක රටක් එක නීතියක් සංකල්පය තමා තරයේ විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.

2015 වන තුරු හලාල්, කාති උසාවි, මද්‍රාසා සහ අරාබි පාසල් විරෝධී සටන් පෙරමුණේ සිටි සෙන්පතියා පාඨලී චම්පික ය.

යහපාලන ආණ්ඩුව නැඟෙනහිර ජැටිය සංවර්ධනය සඳහා ජපන් ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කිරීම නිවැරදි නොවන බව ද ඔහු පළමු වරට ප්‍රකාශ කළේ ය.

සමගි ජනබලවේගයේ හිමි වූ තනතුර පිළිබඳ ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ඇති බවත් ඔහු සඳහන් කළේ ය. මෙයට පෙර ඔහුට එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති ධුර 08 අතරින් එකක් හිමිව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස