කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය අදානි සමාගමට ලබා දෙන ගිවිසුම පිළිබඳ කිසිවක් තමා නොදන්නා බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.
මේ ගිවිසුම නිසා රටේ ස්වෛරීභාවයට හානිවිය හැකි බවත් අවි ආයුධ රටට ගෙන ආ හැකි බවත් පෙන්වා දුන් දයාරතන හිමි ඉන්දියානු සේවකයින් අදානි සමාගමට බඳවා ගැනීම නිසා මෙ රට තරුණ පරපුරට හිමි විය යුතු රැකියා අවස්ථා අහිමි වීමේ අවධානමක් ඇති බව ද පෙන්වා දුන්නේ ය.
එසේ ම මෙමගින් ජාතික ආරක්ෂාවට තර්ජනය එල්ල විය හැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන් ම විවිධ අපරාධකාරයින් ද රට තුළට පිවිසීමේ අනතුරක් ඇතැයි ද සිහිපත් කළේ ය.
චීන වරාය ව්‍යාපෘතියෙහි සේවය කරන චීන ජාතිකයන් විවිධ අපරාධ නිසා සිරගත වූ අපරාධකාරයින් පිරිසක් බවත් අදානි සමාගම හරහා කොළඹ වරායට ද මෙවැනි අපරාධකාරයින් පැමිණිමේ ඉඩක් ඇතැයි ද එහිමියන් මෙහි දී අනාවරණය කළහ.